in

හැමදාම කන පපඩම අද වෙනස් විදිහකට කමුද?

මේ ඇදිරි නීතිය කාලේ ගොඩාක් එලවලු එහෙම ගෙවල් වල නැතුව ඇති නේද? ඊයෙ අපේ ගෙදර ඉතුරු වෙලා තිබ්බෙ බොහෝම පොඩි දේවල් ටිකක්..ඉතින් හැමදාම කන පරිපුවට පපඩම් සම්බෝලයක් හැදුවා..හරි ලේසියි..හරිම රසයි.

මම පාවිච්චි කලේ පපඩම් පැකට් එකෙන් බාගයක් (ගොඩක් පොඩියට කපා ගන්න), රතු ලූනු ගෙඩි 5ක්, කජු ස්වල්පයක්, කොච්චි මිරිස් ටිකක් (හොදට හෝදලා නැට්ට පිටින්), රම්පේ සහ කරපිංචා ටිකක්.

මේ ඔක්කොම ගැඹුරු තෙලේ බැද ගන්න. වෙනත් ඇතිලියකට දාලා ලුනු ස්වල්පයක්, කෑලි මිරිස් ටිකක්, උම්බලකඩ ටිකක් දාල මද ගින්නෙ කලවම් කර ගන්න..කන්න ගන්න කොට දෙහි චූට්ටක් එකතු කර ගන්න..

ගෙදර තියෙනවා නම් වම්බටු ටිකක් / අල ගෙඩියක් / කොහිල අලයක් හෝ සුදු ලූනු ටිකක් එහෙම හීනියට කපලා බැදලා එකතු කර ගන්න පුලුවන්. හාල් මැස්සො අහුරක් බැදලා එකතු කර ගන්නත් පුලුවන්. හුලං නොවදින බෝතලයක ඇසුරුම් කලොත් දවසක් දෙකක් තියා ගෙන කන්නත් පුලුවන්. එහෙම කරන්න හිතන් ඉන්නවා නම් පපඩම් ටික බැදලා වෙනම බෝතලයක අසුරා ගන්න. අවශ්‍ය වේලාවට අනිකුත් දේවල් සමග මිශ්‍ර කර ලිප තබා ගන්න.

බොහෝම සිම්පල් දෙයක්..ඒත් ව්‍යාංජන අඩු දවසක හරී කාර්‍යබහුල වෙලා උයා ගන්න වෙලාව අඩු දවසක හරී ගොඩක් වටින කෑමක් නේද?

පරිස්සමෙන් ඉන්න. මේ අමාරු කාලෙ අපි හැමෝම අරපිරිමැස්මෙන් කටයුතු කරන්න උත්සාහ කරමු.

-ශේ-

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

නුවරඑළියේ විනෝද චාරිකා එපා

හවසට උනු උනු කෝපි කෝප්පයක් එක්ක කන්න උනු උනු රෝල්ස් ටිකක් හදමු