දත් කුහරවලින් ආරක්ෂා කරමින් මුව නැවුම් කරන Clogard Fresh ගැන

1 min read

නිරෝගිමත් දත් දෙපෙළක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞරුෂය ද ඔප්නංවන්නකි. එම නිසා ම මුඛ සත්කාරය අප දිනපතා සිදු කරන පුරුද්දක් විය යුතු අතර, අපගේ ශරීරයේ අනෙකුත් අංගයන්ට මෙන් ම මුඛ සෞඛ්‍ය වෙත ද අවධානය යොමු කළ යුතුය. දුර්වල මුඛ සෞඛ්‍යය අපගේ ආත්ම විශ්වාසයට මෙන් ම සමාජයේ අනෙකුත් පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමේ දී අහිතකර ලෙස බලපෑ හැකි නමුත්, මෙම ගැටලු අපගේ එදිනෙදා පුරුදු තුළින් ඉතා පහසුවෙන් විසඳාගත හැකි බව ද සිහිපත් කළ යුතු ය.

දත් කුහරවලින් ආරක්ෂා වීම සඳහා මෙන් ම ඔබේ මුවේ නැවුම් බව ආරක්ෂා කරමින් මුවට Fresh ගතියක් ලබාදීමේ අරමුණින්, මෙරට දන්තාලේප අතර ප්‍රමුඛයා වන Clogard වෙතින් නවතම Clogard Fresh දන්තාලේපය නව වෙනසකින් යුතුව හඳුන්වා දී ඇත. 100% ක් ස්වාභාවික මෙන් ම පරම්පරා ගණනාවක් තිස්සේ මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා භාවිත කළ ශ්‍රී ලාංකේය අමුද්‍රව්‍යයන් වන කරාබුනැටි, මිංචි, කුරුඳු සහ සේර යන ස්වභාවික අමුද්‍රව්‍ය වර්ග 4කින් Clogard Fresh වෙළඳ පොලට පැමිණෙයි. Clogard Fresh Gel දන්තාලේපය 99%ක් දක්වා ඔබගේ මුඛයේ විෂබීජ සමඟ සටන් කරමින් මුඛය නැවුම්ව තබන අතර, දත් කුහරවලින් ආරක්ෂා කරයි.

Fresh එකේ දවසම ඉන්න කැමති ඔබ වෙනුවෙන්, Clogard Fresh මවුත් වොෂ් ද මේ හා සමගාමීව හඳුන්වා දී ඇති අතර, එය මුව සිසිල් කරන ‘Icy Mint’ සහ කරාබුනැටි සාරය අඩංගු ‘Original’ ද්විත්ව වර්ගවලින් වෙළඳපොළට පැමිණේ.

දේශීය වශයෙන් ගෘහාශ්‍රිතව බහුලව දක්නට ලැබෙන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් නිපදවා ඇති Clogard Fresh Gel දන්තාලේප නිෂ්පාදන පෙළ දැනට වෙළෙඳපොළේ ඇති සෞඛ්‍ය සම්පන්න මෙන් ම හොඳම තේරීම බව පැවසිය යුතු ම කරුණකි.

Clogard Fresh Gel නිෂ්පාදනය ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් අනුමත කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති සහතිකය ද ලබා ඇත. Clogard Fresh Gel, Hemas E-store https://hemasestore.com/brand/clogard/ වෙතින් මෙන් ම සිල්ලර වෙළෙඳසැල්, රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිසැල්, ෆාමසි, ‍තෝරාගත් සාප්පු සහ සුපිරි වෙළෙඳසැල් යන ස්ථානවලින් ද මිල දී ගත හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.