දේශීය කුළුබඩු නිවසටම ගෙන්වා ගන්න spicelk.com දැන් විවෘතයි

1 min read

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින්, www.spicelk.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය ලෙසින් එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී.

මෙම නව වෙන් අඩවිය හරහා දැන් කාර්‍යබහුල ගෘහණියන්ට අවශ්‍ය කුළුබඩු නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව හිමි වෙනවා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් එම කුළුබඩු නිෂ්පාදන ඇණවුම් කරන පාරිභෝගිකයින්ගේ අතටම ලබාදීම සිදු කරනු ලබයි. එමෙන්ම මෙම නව වෙබ් අඩවිය තුළ ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අලෙවිසල් පිළිබඳව තොරතුරුද අන්තර්ගත වෙයි. එයට අමතරව ඉදිරියේදී විදෙස්ගත ගැණුම්කරුවන්ටද මෙම නව වෙබ් අඩවිය තුළින් කුළුබඩු නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසාදීමට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය සැලසුම් කොට තිබේ.

-දිනමිණ වාර්තාවක් ඇසුරිනි

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.