in

ඇමෙරිකා ජනාධිපතිවරණය සෞඛ්‍යසම්පන්න කරන්න ෆේස්බුක් ප්‍රධානියාගෙන් ඩොලර් මිලියන 400ක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලබන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වඩාත් සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම සඳහා ෆේස්බුක් වෙබ් අඩවියේ සභාපති මාක් සකර්බර්ග් විසින් එ.ජ. ඩොලර් මිලියන 400ක මුදලක් ප්‍රදානයක් ලෙස ලබා දීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. 

ඒ අතරින් ඩොලර් මිලියන 300ක මුදලක් පසුගිය මාසයේදී ඔහු ලබාදුන් අතර, පෞද්ගලික සමාගමකට මැතිවරණ කටයුත්තක් වෙනුවෙන් එලෙස මුදල් ලබාදීමක් සිදු කළ හැකි දැයි යන්න අධිකරණය තුළ විභාගයටද ගැනුණි. විශේෂයෙන්ම මෙවැනි මුදල් ජනපතිවරණ ප්‍රතිඵල වෙත බලපෑම් කරනු ඇතැයි බොහෝ පිරිසකගේ අදහස විය.

කෙසේ වෙතත් එරට අධිකරණය මෙම මුදල් ලබාදීම නීත්‍යනුකූල බවට සඳහන් කරමින් එම මුදල් මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට අවසරය ලබාදී තිබුණි. ඒ සමගම සකර්බර්ග් තවත් ඩොලර් මිලියන 100ක් මේ සඳහා ලබාදීමට ඊයේ කැමැත්ත පළ කර ඇත.

ප්‍රථම වරට ලබාදුන් ඩොලර් මිලියන 300 සකර්බර්ග් සහ බිරිඳ වන ප්‍රිසිලියා චැන් විසින්  පසුගිය සැප්තැම්බර් මාසයේදී ලබාදී තිබුණි. එම මුදල් මගින් රට පුරා ඡන්ද මධ්‍යස්ථාන තුළ නව කොරෝනා ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමට කටයුතු කිරීම අදහස වී තිබූ බව පැවසෙයි. 

මේ අතර නවසීලන්තයේ පැවැත්වීමට නියමිත එරට මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින එරට ඇඩ්වාන්ස් නිව් සීලන්ඩ්/ නිව්සීලන්ඩ් පබ්ලික් පාර්ටි නම් පක්ෂයේ ෆේස්බුක් පිටුව වසා දැමීමට කටයුතු කළ බව ෆේස්බුක් සමාගම මඟින් ඊයේ නිවේදනය කෙරිණි. එම පිටුව හරහා නව කොරෝනා වෛරසය පිළිබඳ වැරදි තොරතුරු සමාජයට යන බවට චෝදනා කරමින් ෆේස්බුක් සමාගම මේ පියවර ගෙන ඇත. කෙසේ වෙතත් නවසීලන්තයේ මැතිවරණයට බලපෑම් එල්ල කිරීමට ෆේස්බුක් සමාගමට කිසිඳු අවසරයක් නොමැති බව එම පක්ෂයේ සම නායකයා සඳහන් කරයි.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

සුපිරි බොලිවුඩ් ගායක කුමාර් සානුට කොරෝනා

16 සිකුරාදා කාටූන්