in

උදෑසනම රැකියාවට යන ආදරණීය දෙමව්පියන් වෙත ගෙන එමි

අද බොහෝ දෙමව්පියන්ගේ ජීවිත දෙස බැලීමේ දී ඔවුන්ගේ පවුල හා වෘත්තීය සම්බන්ධතා වෙනුවෙන් කාලය වෙන්කිරීම සමබරව සිදු නොවේ. ඒ හේතුවෙන් ඔවුන් දැඩි මානසික ආතතියයකින් ජීවත්වීම දක්නට ලැබේ. මෙය අප රටේ පමණක් නොව ලොව හැම රටක ම පාහේ දක්නට හැකි තත්ත්වයකි. 

මවක් වන ඔබ උදේ පාන්දර නැගිටගෙන, දරුවන්ගේ වැඩ කටයුතු කරලා, කෑම උයලා, දරුවන් පාසල් යවලා, රැකියාවට යන්න ලැහැස්ති වෙන්නේ  ශාරීරික හා මානසික කම් කටොලු රැසක් මැද බව අප දන්නවා. රටේ ආර්ථිකය හැඩ ගැසී ඇති ආකාරය අනුව පවුලේ එක් අයකු පමණක් රැකියාව කිරීම කිසිම විටක ප්‍රමාණවත් නොවීම මෙයට ප්‍රධාන හේතුව වෙනවා.  

අනේ අද මගේ පුතා එක්ක ගෙදර ඉන්න තිබ්බා නම්, අද දුවව ඉස්කෝලෙට එක්කන් යන්න තිබ්බා නම්, අද හස්බන්ගේ උපන්දිනේ, ගෙදර ඉදලා එයාව පුදුම කරන්න තිබ්බා නම්…රැකියාවට යන අපේ ආදරණීය මව්වරුන්ට නිතර මතකයට නැගෙන මෙවන් අවස්ථාවන් ඇසට කඳුලක් එක් කරනවා නේද ?

ඒ වගේම “අම්මේ මට බඩගිනි, ඉක්මනට මොනවා හරි උයලා දෙන්නකෝ” 

“අම්මේ මගේ හෝම් වර්ක් කරන්න උදව් කරන්නකෝ” 

“මන් ගෙට ගොඩ වුණා විතරයි, පස්සේ හෝම් වරක් ටික බලමු” 

තම ආදරණීයන්ට  අගහිඟකම් නැති ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට යන දෙමව්පියන්ට නිතරම අසන්නට ලැබෙන වචන හුවමාරුවක් තමයි ඔය තියෙන්නේ.    

මෙහිදී ඇති වන එකි නෙකාගේ අවශ්‍යතාවයන් නිවස තුළ ඉටු නොවීම නිසා ගැටළු රැසක් පැන නගිනවා. මෙම  අසමබරතාවය නිසාම පවුල් ජීවිත කැඩී බිඳී ගිය අවස්ථා නම් එමටයි. ඉතාමත් අතලොස්සක් තමයි මෙම සමබරතාවය හොඳින් පවත්වාගෙන යන්නේ.  

දෙමාපියන් වන ඔබගෙන් දරුවන් හට ලැබිය යුත්තේ  හොඳ අධ්‍යාපනයක් පමණක් නොවෙයි. ආදරය, රැකවරණය , සෙනෙහස යන සියල්ල අධ්‍යාපනයට වඩා ප්‍රමුඛත්වයක් ගන්නවා.  වර්තමානයේ රැකියා ජිවිතයට මුල් තැනත්, පෞද්ගලික ජීවිතයට දෙවෙනි තැනත් දෙන දෙමව්පියන් රැසක් බිහි වෙලා තියනවා.  මේ හේතුවෙන් පවුල් ජීවිතය තුල විවිධාකාර ගැටලු ඇති වුණු පුවත් අපට නිතර අසන්නත් ලැබෙනවා.

හැමතිස්සෙම මතක තියාගන්න 

පවුල් ජිවිතය තුල රැකියා ජිවිතය පටලවා ගැනීම ඔබ කිසි සේත්ම නොකළ යුතු දෙයක් 

අද සමාජයේ බොහෝ පවුල් වල තිබෙන ප්‍රශ්ණයක් තමයි රැකියා ජීවිතය සමඟ පෞද්ගලික ජීවිතය සමබර කරගන්නේ කොහොමද කියන එක. 

මෙම ලිපිය හරහා අප ඔබට සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට මෙන්ම – වෘත්තීය ජීවිතයේ ඉහළම තලයට ගමන් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙනවා..

එයට මුලරම්භයක් ලෙස,  මුළින්ම ඔබ ඔබගෙන්ම පහත ප්‍රශ්ණ කිහිපය අසා බලන්න

1.  මෙම කාලසීමාවේ මට අතිශයින්ම වැදගත් වන්නේ මොනවාද ? උදාහරණයක් ලෙස මිල මුදල් ද ? දරුවන්ගේ ආරක්ෂාවද ? එසේත් නැත්තම් කුමක් ද ?

2. ඔබට අවශ්‍ය සාර්ථක රැකියාවක් ද ? සාර්ථක පවුල් ජීවිතයක් ද ?

3.  ඔබගේ ජීවිතයේ ඊළඟ කඩයිම වන්නේ , රැකියාවේ ඉහළ තනතුරකට යාමද ? එසේත් නැතිනම් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමද ?

ඉහත ප්‍රශ්ණ තුනට පිළිතුරු ඔබ සහ ඔබගේ සහකරු කොළයක ලියන්න. ඔබගේ සහකරු සමඟ ඒ පිළිබඳ සාකච්චා කරන්න. ඔබගේ අදහස් සමඟ සහකරුගේ අදහස් ගැළපීමක් නොමැති නම් ඒ සඳහා පිළියම් සාකච්චා කරන්න. මේ ක්‍රියාකාරක තුළින් ඔබ දෙදෙනා ට ඔබ දෙදෙනා පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයක් ලැබේවි. සාර්ථක පවුල් ජීවිතයක පදනම එම අන්‍යෝන්‍ය අවබෝධයයි.

අප ජීවත් වන පරිසරය  සැලසුම් සහගතව නිර්මාණය කර කළහොත් සතුටින් ජීවත් විය හැකිය. අප අපගේ ආදරණීයයන්  වඩා හොඳින් වටහා ගත් විට, අපගේ ජීවිත අඩු ආතතියෙන් හා කාංසාවෙන් හා වඩා තෘප්තියෙන් හා සතුටින් සමතුලිත වේ.

-නිපුනි-

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

හෙට දිනයේ ලොව දිනන්නට අද දිනයේ උපාධිධාරීයකු වූ ඔබ කියවිය යුතුම ලිපියක්

නිවසේ සිටම අදායම් මාර්ග දියුණු කර ගත හැකි සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ? –