ජනවාරි සිට තහනමට ලක්වන භාණ්ඩ
1 min read
පරිසරයට හානිදායක වන ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන රැසක් 2021 ජනවාරි මස පළමුවනදා සිට තහනම් කිරීමට තීරණයකර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
ඒ යටතේ පී.ඊ.ටී (PET) සහ පී.වී.සී (PVC) ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් වන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඊට විකල්ප ලෙස වීදුරු හෝ වෙනත් අමුද්‍රව්‍යවලින් යුත් නිෂ්පාදන ඇසුරුම් භාවිත කළ හැකි බව සඳහන් වේ.
එමෙන්ම මිලිමීටර් 20 හෝ ග්‍රෑම් 20 ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ පැකට් තහනම්කර ඇති අතර ආහාර හා ඖෂධ සඳහා ඒවා භාවිත කිරීම තහනම් නොවන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
බැලුන් සහ දියමත පාවෙන සුළං පුරවන ලද භාණ්ඩ හැර ප්ලාස්ටික්වලින් සාදන ලද සුළං පුරවන ලද විවිධ සෙල්ලම් භාණ්ඩ තහනම් කෙරෙන අතර විකල්ප ලෙස පරිසර හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍යවලින් යුත් නිෂ්පාදන භාවිත කළ හැකිය.
මීට අමතරව සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා ද්‍රව්‍ය හැර ප්ලාස්ටික් කොට්න් බඩ් තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.
මේ අතර සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික් හඳුනාගැනීම සඳහා 1-7 දක්වා අංකනය මත ඛේත ක්‍රමයක් සඳහන් කිරීම ද අනිවාර්ය වන බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි.