in

කොවිඩ් අවදානම කොළඹ සුපිරි හෝටල්වලටත්

කොළඹ තරු පංතියේ සුපිරි හෝටල් දෙකක් වන හිල්ටන් සහ ෂැංග්‍රිලා හෝටල් දෙකෙහි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙසින් හඳුනාගෙන තිබේ. මෙම හෝටල් දෙක විසින් ඒ බව තහවුරු කරමින් මාධ්‍ය වෙත නිවේදන නිකුත් කර ඇත.

මෙහිදී ෂැංග්‍රිලා හෝටලය සිය නිවේදනයෙන් පවසන්නේ සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු COVID-19 ආසාදිතයෙකු බව ඊයේ (23) දිනයේ දී තහවුරු කර ඇති බවයි. එසේම තම කාර්යමණ්ඩල සාමාජිකයෙකු ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති බව කොළඹ හිල්ටන් හෝටලය විසින් ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම හෝටල් දෙකම පවසන්නේ ආදාළ කාර්ය මණ්ඩල සාමාජිකයින් සෘජුව සිය අමුත්තන් සමඟ සම්බන්ධ නොවන අය බවයි

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

ජනවාරි සිට තහනමට ලක්වන භාණ්ඩ

අසත්‍ය තොරතුරු වසංගතය, කෝවිඩ් 19 වසංගතයට වඩා වේගවත්