සිහිනයක් දැක්කද? තේරුම දන්නවද ?

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් අවදි නොවී ඉන්නම්” කියන්නට තරම් සිහින සුන්දරයි. හීන දැක සැපට නිදියනවා තරම් වෙන දෙයක් නැහැ කියල සමහරු කියන්නෙත් ඒ නිසයි. ඒත් අපි හිතන තරම් හීන සුන්දරද? නින්දෙදි විතරක් දකින සිහින එළිවුණාට පස්සෙ සමහරුන්ට නම් මතකවත් නැහැ. හැම දෙයක්ම හීනයක් වගේ. පෙනිලා නොපෙනිලා යන නිසා හීන මත්තේ කවුරුත් ඉන්නෙ නැහැ. දකින හීනය උදේ වෙද්දි හීනයක්ම විතරයි. ඇත්තටම මේ හීන මොනවද? රෑ නින්දෙන් දැක්කට පස්සෙ හීනය හීනයක්ම විතරද? එතැනින් එහාට ඒ හීන ගැන හිතන්න දෙයක් තියෙනවද?
මේ ප්‍රශ්නවලට උත්තර ලබාදෙන විෂය තමයි සිහින පලාපල කියන්නේ. ඉතා දුර අතීතයකට හිමිකම් කියන සිහින පලාපල විෂය අදටත් නොනැසී පවතින්නේ එය මිනිස් ජීවිතය සමඟ ඒකාබද්ධව පවතින නිසයි. හැම සතියකම අපි සිහින පලාපල ගැන කියන නිසා සතියේම සිහින එක්වරම විෂ්ලේෂණය කරගන්න ඔබට අවස්ථාව තියෙනවා අදත්.

වතුර මත ගිනිගන්නවා සිහිනෙන් දුටුවොත් විශාල ආරවුලක පැටලේ.

වීදුරු කාමරයක සිටිනවා සිහිනෙන් දකීනම් තමන්ගේ තිබූ ප්‍රධාන බලාපොරොත්තුවක් අහිමි වෙයි.

කන බත්පතේ කුඩා කළු කෘමීන් සිටිනවා සිහිනයෙන් දුටුවොත් ඉතා කනගාටුදායක දෙයක් අහන්නට සිදුවෙයි.

තමන්ගේ ගේ ඉදිරිපිට විශාල පැදුරු මත වී අතුරා තිබෙනවා සිහිනෙන් දකීනම් බවබෝග සම්පත් ලැබේ.

හොඬ දෙකක් සහිත ඇතෙක් සිහිනෙන් දකීනම් තමන්ට විශාල පිරිස් බලයක් ඇතිවන බවකි.

දඩමස් උයනවා සිහිනෙන් දකීනම් තදබල ප්‍රේත දෝෂයක් ශරීරගත වී ඇති බවකි.

එළුවන්ට, බැටළුවන්ට ආහාර දෙනවා සිහිනෙන් දුටුවොත් කලක් තිස්සේ සුව නොවූ රෝගයකින් ඉක්මන් සුවය ලැබෙන බවට ඉඟියකි.

විශාල මාළුවකු නිවෙසේදී කෑලි කපනවා සිහිනෙන් දුටුවොත් නිවෙසේ අයකුට අමනුෂ්‍ය දෝෂයක් ඇති කරයි.

තම ඉඩමේදී වෙරළු තම්බනවා සිහිනෙන් දුටුවොත් තම භූමිය අන්සතු වන බවට පෙරනිමිත්තකි.

ගොඩබිමක් නොපෙනෙන මහ මුහුද මැද පිරිසක් සමඟ සිටිනවා සිහිනෙන් දුටුවා නම් බලාපොරොත්තු වූ යහපත් කරුණු රැසකට සතුරු කරදර ඇති වන බවට හේතුවකි.

තම නිවෙසේ ආලෝක විදුලි පහන් විශාල ප්‍රමාණයක් දැල්වෙනවා සිහිනෙන් දකීනම් නිවෙසට නෑ පිරිසක් එන ලකුණකි.

දේවාලයක වහල මත නාගයකු පෙනය සහිතව සිටිනවා සිහිනෙන් දකී නම් දෙවියන්ගේ දෝෂ වැඩිවී තමන්ට හානි පැමිණෙන කාලයක් උදාකරයි.


කුකුළකු කටින් ඩැහැගත් නරියකු සිහිනෙන් දුටුවා නම් අණවිණ, හදිහූනියම් දෝෂ තදබල ලෙසම තමන්ට ඇතිකරවීමට හේතුවකි.

මුතු ඇට මාල ගෙලලා සිටිනවා සිහිනයෙන් දකී නම් දුක්විඳි කාලය නිමාවන බවට පෙරනිමිත්තකි.

ජ්‍යොතිෂවේදී අනුර ඒකනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.