in

වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමතිද..?

වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමතිද..? අපි වයසට යන්න යන්න අපේ සම රැලි වැටෙන්න ගන්නවා. සමහර පුද්ගලයින්ගේ අඩු වයසින්ම සම රැලි වැටෙන්න පටන්ගන්නවා .වයසට වඩා වයස පෙන්න ගන්නවා.මේ හේතුව නිසා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වෙන අවස්ථා බොහොමයක් නැතුවම නෙවෙයි.

නළු නිළියන්,නිරූපිකාවන් කොච්චර වයසට ගියත් ඒ අයගේ සම තරුණ පෙනුමකින් තියෙන්නේ කොහොමද කියලා ඔයා ප්‍රශ්ණ කරනවා ඇති. ඔයාට වයස අවුරුදු 40 දී හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔයා ඒ සදහා වයස අවුරුදු 20 දී වැඩ කිරීමට පටන් ගන්න එක අනිවාර්යයි.

  •  සමබර ආහාර වේලක් සඳහා යොමුවෙන්න.
Why Elderly Should Eat Raw Food Diet?

අපි ගන්න ආහාරවල අවසාන ප්‍රතිඵලය අපේ සම හරහා පෙනෙන්න ගන්නවා.ස්වාභාවිකවම දීප්තිමත් සමක් බොහෝ විට ඔබ ගන්න ආහාර වලින් තමයි ආරම්භ වෙන්නේ. කිරි, බිත්තර, මාළු, මස් සහ සෞඛ්‍ය සම්පන්න ධාන්‍ය වර්ග අඩංගු ඉහළ ප්‍රෝටීන් සහිත ආහාරයකින් සමේ පැවැත්ම වැඩි කරගන් පුළුවන්. ප්‍රෝටීන් ඔබේ කොලජන් මට්ටම ශක්තිමත් කරනවා . පලතුරු, එළවළු සහ ඔමේගා -3 අඩංගු ආහාර ඔබේ එදිනදා ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා.

  •  ඔයාට හැකි තරම් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න
Elderly and Sun Exposure: Skin Protection for Elderly Adults | Griswold  Home Care
ඔයාට හැකි තරම් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න

ලංකාව කියන්නේ හිරු එළිය ටිකක් තදට වැටෙන රටක්නේ. ඉතින් හැමදාම හිරු එළියට නිරාවරණය වන අපේ සම වියළිලා කාලයක් යනකොට වයස පෙනුමක් ගෙන එන එක පුදුමයක් නෙවෙයි.හිරු එළියේ පාරජම්බුල කිරණ අඩංගු නිසා උදේ 10 සිට සවස 3 දක්වා හිරු එළියට නිරාවරණය වෙන්නේ නැතිව ඉන්න එක තමයි වාඩාත්ම හොඳ. ඔයා නිවසින් එළියට යනකොට පුළුල් තොප්පියක්, අව් කණ්ණාඩි සහ කුඩයක් රැගෙන යාමට අමතක කරන්න එපා.

  •  සෑම දිනකම ඔයාගේ සම පැහැපත් කර පිරිසිදු කරන්න
3 simple steps for better skin at any age | SuperSavvyMe Great Britain
සෑම දිනකම ඔයාගේ සම පැහැපත් කර පිරිසිදු කරන්න

හැමදාම makeup භාවිතා කරන අය ඒවා හරියට පිරිසිදු කර මුහුණෙන් ඉවත් කරනනේ නැති වුණහම කාලයක් යනකොට මේක සමට බලපාලා සම වියළෙන්න ගන්නවා. සමේ එක එක rashes,බිබිළි වගේ දේවල් ඇතිවෙන්න ගන්නවා. මේ නිසා අනිවාරයයයෙන් තමන් makeup භාවිතා කරන කෙනෙක්නම් ගෙදර ආවට පස්සේ හොඳට සම පිරිසිදු කරගන්න වගබලා ගන්න.රූපලාවණ්‍යාගාරයකට සති දෙකකට වතාවක් වගේ ගිහින් තමන්ගේ මැරුණු සම ඉවත්කරගන්න කටයුතු කරන්න . ඒ වගේම ඔබේ සමට ගැළපෙන cleanser එකක් සහ toner එකක් භාවිතා කරන්න.

  •  සෑම විටම ඔයාගේ සම වියළෙන්න නොදී තබාගන්න
Age-Related Diseases and Skin Moisturizing
සෑම විටම ඔයාගේ සම වියළෙන්න නොදී තබාගන්න

අපි ගොඩක් දෙනෙක් හැමදාම රැකියාවට යන, නැත්තම් තමන්ගේ දරුවාත් එක්ක එළිමහනේ කාලය ගතකරන්න වෙන කාලසටහනක තමයි දවස ගෙවන්න වෙලා තියෙන්නනේ.ඉතින් උදේ ඉදන් හවස් වෙනකන් හිරු එළියට උෂ්ණත්වෙට අපේ සම නිරාවරණය වෙන එක අපිට නවත්තන්න බැරි දෙයක්. ඒ විදිහට සම උෂ්ණත්වයට නිරාවරණය වෙන්න ගත්තහම ​සමේ තිබෙන තෙතමනය නැතිවෙලා යනවා. ඒ නිසා සම හොඳටම වියළෙන්න ගන්නවා.එතකොට සම නිකන්ම රැලි වැටෙන්න පටන්ගන්නවා.

මේ නිසා අනිවාර්යයෙන් ඔයාගේ සමේ තිබෙන තෙතමනය රදවා තබාගන්න කටයුතු කරන්න. ඒ සඳහා කෝමාරිකා සහ කහ වැනි ස්වාභාවික, පෝෂ්‍යදායී අමුද්‍රව්‍ය අඩංගු cream එකක් තෝරා ගන්න වග බලා ගන්න. ඒ වගේම olive oil කියන්නෙත් සමේ තෙතමනය රදවා ගන්නා පුළුවන් oil එකක් .මෙය සම සීතල කරන්න ගොඩක් උපකාරී වෙනවා.ඒ වගේම මතක තියාගන්න ඔයා මුහුණ සෝදාගත් වහාම moisture එකක් භාවිතා කරන්න . ඉතින් හැමදාම එළියට යනකොට moisture cream එකක් bag එකේ දාගන යන්න අමතක කරන්න එපා.

  •  සම පිරිසිදු කිරීමේ පිළියම් තරුණ වියේදීම පටන්ගන්න
Best Tips to Deal with Skin Problems in Summers | BitterTips
සම පිරිසිදු කිරීමේ පිළියම් තරුණ වියේදීම පටන්ගන්න

තමන්ගේ ගෙවත්තෙන්ම සම හොඳින් පවත්වාගන යන්න අවශ්‍ය කරන ගුණාත්මක දේවල් හොයාගන්න හැකියාව තිබෙනවා.කස්තුරි කහ කියන්නේ වෛද්‍යමය වශයෙන් රූපලාවණ්‍ය සදහා නිර්දේශ කරලා තිබෙන බෙහෙතක්. කස්තුරි කහ දකුණු ආසියාවේ සියවස් ගණනාවක් පුරාවටම ආයුර්වේද රූපලාවණ්‍ය සදහා භාවිතා කරපු දෙයක්. එහි තිබෙන පුදුමාකාර antioxidant ගුණය සම වයසට යන එක නවත්තන්න කටයුතු කරනවා.

  •  සතියකට අවම වශයෙන් දින 5 ක් වත් work – out කරන්න
Does physical fitness lead to cognitive fitness? ( Aug 22, 2019) | Erickson  Living

ඔබේ සම පිටතින් දීප්තිමත් කිරීමට නම් ඔබේ ඇතුළත පිරිසිදු කරගැනීම අනිවාර්යයි. ඔබේ රුධිර ප්‍රවාහයේ වැඩි වීම, සමේ සෛල පෝෂණය කිරීමට වගේම මැරුණු සෛල ශරීරයෙන් ඉවත් කිරිමට කටයුතු කරනවා. ව්‍යායාම ශරීරය නීරෝගීව පවත්වාගන යාමට බෙහෙවින් උපකාරී වෙනවා. මේ නිසා සතියට දින 5ක්වත් ව්‍යායාම වල නියැළෙන්න කටයුතු කරන්න .

  •  සතුටු වන්න!

The Way Of Living: Being Happy And Healthy At An Old Age - Aging.com

එදිනදා ජීවිතයේ අපි ගොඩක් කාර්යබහුලයි.ආතතිය,පීඩනය මැද තමයි අපි හැමදාම වැඩකටයුතු කරන්නේ. මේ දේ ඇත්තටම අපේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවට හොඳ නැහැ. මේ විදිහට පීඩනයෙන් ඉන්න එක අපේ භාහිර පෙනුමට බලපානවා.සමේ තිබෙන ගැටළු වැඩි කරනවා. මේ නිසා පුළුවන් උපරිමෙන් හිත සතුටින් තියාගන්න ජීවිතය විදින්න . වයස අවුරුදු 40 වෙනකොටත් තරුණ පෙනුම රැකගන්න අදම කටයුතු කරන්න.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

ලංකා විදුලිබල මණ්ඩලයේ සැලැස්මට අනුව 2039 වන විට විදුලි උත්පාදනයෙන් 70 %ක් පොසිල ඉන්ධන මගින්

මුං ඇට කන්න හොර ලොකු පොඩ්ඩන්ටයි චූටි බබාලටයි දෙගොල්ලන්ටම ලෙසියෙන්ම මුං ඇට ටිකක් කවා ගමුද?