in

මුං ඇට කන්න හොර ලොකු පොඩ්ඩන්ටයි චූටි බබාලටයි දෙගොල්ලන්ටම ලෙසියෙන්ම මුං ඇට ටිකක් කවා ගමුද?

මුං ඇට තෝසේ – හදන්න හරිම ලේසියි.

මුං ඇට ටිකක් රෑට වතුරේ දාල තියලා පහුවදා උදේට ඒ වතුර අයින් කරලා තව වතුර චුට්ටක් එක්ක බ්ලෙන්ඩ් කර ගන්න. මතක තියා ගන්න ගොඩාක් වතුර එකතු කරන්න එපා. එතකොට මිශ්‍රනය දියාරු ගතියක් එනවා.

දැන් ඒ මිශ්‍රනයට ලුනු කුඩු චුට්ටක් දාලා හොදින් වහලා පැත්තකින් තියන්න. මම උදේ 8ට විතර මිශ්‍රනය වහලා තියලා හවස 5.30ට විතර තමයි තෝසේ හදන්න පටන් ගත්තේ. පැය 6ක් විතර වහල තිබ්බත් හොදටම ඇති. ඔයාලාට ලේසි විදිහට කාලය එහෙ මෙහෙ කර ගන්න පුලුවන්. පැය 5කට වඩා අඩුවෙන් තියන්න බලාපොරොත්තු වෙනවා නම් යීස්ට් හැන්දක් එකතු කරල වහලා තියන්නත් පුලුවන්. එතකොට කෙටි වේලාවකින් මිශ්‍රනය දෙගුන කර ගන්න පුලුවන්.

හරී. එහෙම පැය කිහිපයක් පිපෙන්න තියපු මිශ්‍රනයට පොල් කිරි කෝප්පයක් හෝ දෙකක් එකතු කර ගන්න. බීට් කර ගත් බිත්තර දෙකක් සහ ලූණු කුඩාවට කපාගෙන එකතු කර ගන්න. හිතේ පදමට තව ලුනු චුට්ටක් එකතු කර ගන්නත් පුලුවන්.

දැන් මිශ්‍රනය හැන්දකට අරගෙන මද රස්නෙන් යුතු පෑන් එකකට තෙල් චුට්ටක් ගාලා සාමාන්‍ය තෝසෙ / පෑන් කේක් හදාගන්නව වගේ හදා ගන්න. තෝසේ එක හීනි වෙන තරමට රස වැඩී.

හදලම බලන්නකෝ!

-ශේ –

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමතිද..?

හස්බන්ඩ් නින්දෙන් ගොරවන නිසා ඔයාට එපා වෙලාද?