අනුහස්ගේ සම්මානය ගන්න ආක්ෂා වේදිකාවට නැග්ගේ ඇයි?… රංගන ශිල්පිනී නෙත්මි නිෂේකා

1 min read

රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී මෙවර ජනප‍්‍රියම රංගන ශිල්පියා වූයේ දෙවෙනි ඉනිම නාට්‍යයේ අනුහස්ගේ චරිතය නිරූපණය කරන රවීන් කණිෂ්ක ය. ඔහුට හිමි සම්මානය ලබා ගැනීමට එදින දෙවෙනි ඉනිම නාට්‍යයේ රවින්ගේ පෙම්වතියගේ චරිතය නිරූපණය කරන නෙත්මි නිෂේකා වේදිකාවට ගොඩවීම කාගෙත් කුතුහලයට හේතුවක් විය. ඒ සියල්ල දැන ගැනීමට මෙසේ නෙත්මි සමග අපි කතා කළෙමු.
 
 නිමා වූ රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මාන ලාභිනියක ලෙස ඔබත් නිර්දේශිතව සිටියත්, ඔබ ලබා ගන්නේ සහෝදර රංගන ශිල්පියකුට හිමි වූ සම්මානයක්…
 
 ඇත්ත. මමත් ජනපි‍්‍රයම නිළිය ලෙස නිර්දේශිත නාමයන් අතර පස්වැනියා විදියට තමයි හිටියේ. නමුත් මෙවර මට එය හිමිවුණේ නැහැ. ඒත් මම සතුටු වෙනවා රවීන් අයියාගේ සම්මානය ඔහු වෙනුවෙන් මට ලබා
 
 ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව. රවීන් අයියා ‘ඞී‍්‍රම් ස්ටාර්’ අවසන් මහ තරගයේ නිවේදකයාව සිටි නිසා දෙරණ ආයතනය මගෙන් ඉල්ලීමක් කළා ඔහු වෙනුවෙන් අදාළ සම්මානය ලබා
 
 ගන්නා ලෙස. ඉතිං… මම ඒ ඉල්ලීම ඉටු කළා. කොහොමටත් ‘දෙවෙනි ඉනිම’ නාටකය නිසා මේ දවස්වල ‘අනුහස්, ආක්ෂා’ දෙන්නම හු`ගක් ජනපි‍්‍රය චරිත දෙකක්නේ. එයත් මේ සම්මානය ලබා ගැනීම වෙනුවෙන් මා තෝරා ගැනීමට තවත් හේතුවක්. අනික මමයි රවීන් අයියයි හොඳම යාළුවෝ. මම එයත් එක්ක වැඩ කරන්න හරි කැමතියි. මම හිතනවා ‘දෙවෙනි ඉනිම’ තුළ අපේ චරිත සාර්ථක වෙලා තියෙන්නේ ඒ සහෝදරාත්මක ලෙන්ගතුකම නිසාවෙන් කියලා.
 
 බටහිර පන්නයට හුරු වුණු නමක්නේ ඔබට තියෙන්නේ…
 
 ඔව්. මගේ පියා කැතලික්. මව බුඩිස්. මට තියෙන්නේ සංකලනය වුණු නමක්නේ. මම පවුලේ වැඩිමලා. මගේ නංගියි මල්ලියි තවම අධ්‍යාපනය ලබනවා.
 
 ඔබ බොහොම කෙටි කාලයකින් මහ දුරක් පැමිණ තිබෙන බවක් පේනවා…
 
 ඔව්. මම කලාවට එන්නේ ගිය වසරේ. මුල් වරට ටෙලි කැමරාවට මුහුණ යොමු කළෙත් ප‍්‍රධාන චරිතයක් වෙනුවෙන්. ‘සක්කාරං’ හී ‘ජයවතී’ නම් වූ ගැමි චරිතයට තමයි මම මුලින්ම ජීවය මුසු කරන්නේ. ඇත්තටම බැලූවොත් මට ඒ චරිතය අභියෝගයක් වුණා. මගේ කට හඬෙ සිටම වෙනස් වෙන්න සිදු වුණා. ඒ අතින් බැලූවම ‘ආක්ෂා’ මට ලේසි චරිතයක්. ‘රාවණ’ ටෙලි නාටකයේ ‘සූකරන්තිකා කුමරිය’ චරිතයත් පේ‍්‍රක්ෂකයා අතරට ගියා. ඒ චරිතය හරිම හුරතල්. ඒත් මාව වැඩි දෙනෙක් දන්නේ ‘ආක්ෂා’ නිසා තමයි. මම හිතන්නේ ඒක මගේ රංගන දිවියේ ‘ටර්නින් පොයින්ට්’ එක.
 
 සිනමාව වෙනුවෙන් ලැබුණු ආරාධනා දෙක ගැන තවම තීරණයකට ආවේ නැතිද…
 
 මම තවම ඒ ගැන හිතමින් පසුවෙනවා. පිටපත බලන්න ඕනෑ. මට ලැබෙන හැම චරිතයක්ම කරන්න බෑනේ. අනික මම තවම සිසුවියක්. මම දැනට ජයවර්ධනපුර විශ්වවිiාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබනවා. ඉතිං ඉගෙන
 
 ගන්න ගමන් ‘චරිත’ ර`ග දැක්වූවාට මගේ සැබෑ ජීවිතයේ චරිතයත් ආරක්ෂා කර ගත යුතුව තිබෙනවානේ. එතන දී සීමා මායිම් සලකුණු කර ගැනීමත් වැදගත්. ර`ගපෑම වෙනුවෙන් මට ලැබෙන චරිත පිළිබඳව සොයා බලා අවසර දෙන්නේ තාත්තයි අම්මයි. ඉතිං ඒ අනුව මම කරන්නේ මට ගැලපෙන, කළ හැකි චරිත විතරයි. හැබැයි මේ තත්ත්වය කෙනාගෙන් කෙනාට වෙනස්. සමහර අවස්ථාවල මට ලැබෙන පිටපත් කතා කරලා වෙනස් කර ගන්න බලනවා. එසේ නොවන්නේ නම් පිටපතේ තියන විඳිහටම මට නොගැලපෙන දේ නිරූපනය කරන්න මට අපහසු වෙනවා.
 
 ඔබ නර්තන හැකියාවකුත් රැුගෙන කලාවට ආ තැනැත්තියක්….
 
 ඔව්නේ. මම සාමාන්‍ය පෙළ දක්වා නර්තනය හැදෑරුවා. ඇත්තටම මේ දක්වා මා නිරූපිත චරිත කිහිපයක් වෙනුවෙන් මගේ නර්තන හැකියාව ප‍්‍රයෝජනවත් වුණා කියලා කියන්නේ හරිම සතුටින්.
 
 රංගනය පිළිබඳව තවදුරටත් දත යුතු බව කල්පනාවට ගන්නේ නැති ද…
 
 මම හරිම ආසයි රංගනය ගැන වැඩිදුරට හැදෑරීම් කරන්න. හැබැයි මට එයට බාධාවක් පවතින්නේ කාලය කළමනාකරණය කර ගැනීම. හේතුව තමයි කැම්පස් වැඩ. අනික මගේ ලොකු ආසාවක් තියනවා වේදිකාව වෙනුවෙන් නිර්මාණකරණයකට දායක වීමට. ඒ ගැන හදාරන්නත් ලොකු උවමනාවක් තියනවා. ඉදිරි වසර දෙකේ දී මගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණු වහාම මම ඒ දේවල් පිළිබඳව ලොකු අවධානයක් යොමු කරයි.
 
 මෙවර නොලැබුණු සම්මානය දිනක සමීප කර ගැනීම ඔබේ බලාපොරොත්තුවක් කියා පැවසුවා…
 
 ඔව්. මට සම්මානයක් ලබා ගැනීම පිළිබඳ ආශාවක් තියනවා. මෙවර එය ගිලිහුණේ නිර්දේශිත නාමයන් අතර සිට. නමුත් මගේ හිත කියන්නේ උඹ දවසක ජනපි‍්‍රය සහ දක්ෂතම කියන සම්මාන ද්විත්වයම ලබා ගත යුතු බව. ඉතිං… මම හිතන්නේ මම ඒ හීනයට යයි.
 
 ඉදිරි නිර්මාණ දායකත්වයන් පිළිබඳව යමක් පැවසුවොත්…
 
 ඇත්තම කීවොත් මේ දිනවල ලැබෙන ආරාධනා වෙනුවෙන් ලබා දීමට මට කාලයක් නැහැ. හේතුව මගේ අධ්‍යාපනය සහ ‘දෙවෙනි ඉනිම.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.