in

“ජාතික සඳුන් උයනෙහි” ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර “ජාතික සඳුන් උයන” ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුකෙරේ.  සඳුන් ගස් දහසක් සහිතව ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම විවේක මධ්‍යස්ථානය වශයෙන් මෙය හැඳින්වීමට හැකිවන අතර දුර්ලභ සඳුන් ගස් දහසක සෙවණේ විවේකීව ගත කිරීමට ජනතාවට අවස්ථාව හිමිවීම නැවුම් අත්දැකීමක් වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  සඳුන් ගස්වල ඉහළ ඖෂධිය වටිනාකමක් තිබෙන අතර එවැනි සඳුන් උයනක අසිරිය විඳිමින් ජනතාවට තම දරු පවුල් සමඟ විවේකීව ගත කිරීමට මෙවැනි ස්ථානයක් ඉදිකිරීම අපූරු අත්දැකීමක් වන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පෙන්වා දෙයි.  බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නයේ ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පාර අසලින් අක්කර 09 කින් යුත් භූමි ප්‍රමාණයක මෙම ජාතික සඳුන් උයන ඉදිකෙරේ.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව පසුගිය ජුනි 06 වැනිදා මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ. සඳුන් ගස් දහස සිටුවීමේ කටයුතු ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත අතර මෙම උයනෙහි පොකුණු 11 ක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. විශාල පොකුණු දෙකක් මැදිවන ආකාරයෙන් එළමහන් රංග පීඨයක් ද ඉදිකෙරේ.  මෙම එළිමහන් රංග පීඨයේදී නාට්‍ය දර්ශන, යම් යම් ප්‍රසංග ඉදිරිපත් කිරීම, පොත් පත් දොරට වැඩීමේ උත්සව ඇතුළු තවත් උත්සව පැවැත්වීමට ද හැකියාව පවතී. විශාල ජල තටාක 2 කට මැදිවන සේ මෙවැනි එළිමහන් රංග පීඨයක් ඉදිකිරීම ද අළුත් අත්දැකීමක් වනු ඇත.ව්‍යායාම් සිදුකිරීම, යෝගි ව්‍යායාම් වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් ද මෙහි පැවැත්වීමට හැකිවන පරිදි පහසුකම්වලින් ද මෙම “ජාතික සඳුන් උයන” සමන්විත වේ.ආහාරපාන ලබා ගැනීමට අවන්හල් ද, රථගාල් පහසුකම් ද මෙහි ඇති අතර “ජාතික සඳුන් උයන” ට ඇතුල්වීමට කිසිඳු මුදලක් අය නොකෙරේ.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

අනුහස්ගේ සම්මානය ගන්න ආක්ෂා වේදිකාවට නැග්ගේ ඇයි?… රංගන ශිල්පිනී නෙත්මි නිෂේකා

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්