in

අයිස් කැට වලින් ලස්සන වෙන්න පුළුවන් ද?

මං ඔයාලට පොඩි රහසක් කියන්නද? හැබැයි මේක ප්‍රසිද්ධ රහසක්. ඔයාල දන්නවද අයිස් කැට වලින් ලස්සන වෙන්න පුළුවන් කියලා .ඔව් පුළුවන්.  මං කියන්නම් ඒ කොහොමද කියලා.

කුරුලෑ, ලප, කැලැල්, බ්ලීචින් ආසාද්මිකතා වගේම ඇස් යට කලු වෙන එකට හොඳම විසදුම තමයි මේ අයිස් කැට සත්කාරය.ගොඩක්  අය හරියට දන්නෑ ප්‍රතිඵල ලැබෙන විදියට කරන්නේ කොහොමද කියලා.ඔන්න මං අද කියලා දෙන්නම් .

මේ සත්කාරයට අයිස් කැට 3ක් හෝ 4ක් හොදටම ඇති. මේ  අයිස් කැට ඔයාගේ මුහුණට තියලා රවුම් අතට හෙමින් පිරිමැද ගන්න. සීතල ගතිය අත ට දැනෙන නිසා වැඩි වෙලාවක් අල්ලන් ඉන්න අමරුයි. ඒ නිසා පිරිසිදු ,සිනිදු ,තුනී රෙදි කැබැල්ලකට අයිස්කැට ටික තියලා මුහුණේ  පිරිමදින්නත් පුලුවන්.

ඇස් වටා කලු අයටත්  මේ අයිස්කැට සත්කාරය කර ගන්න පුලුවන්.

මේක කරද්දී මුහුණ රතු පාට වෙනවා.අනේ දෙවියනේ දැන් මොකද කරන්නේ ?? බය වෙන්න එපා.අයිස්කැට සත්කාරය කරද්දී මුහුණ රතු වෙන්නෙ අයිස්කැට වල සීතලත් එක්ක මුහුනේ රුධිර ගමනාගමනය වැඩි වෙන නිසා.ඒ කියන්නේ ඉතින් සමට පෝෂණය හොඳට ලැබෙනවා කියන එකයි.එතකොට අපේ මුහුණේ තියෙන කුරුලෑ, ලප, කැලැල් සුව වෙනවා.ඒ නිසා මුහුණ රතු පාට වෙන එක සාමාන්‍ය දෙයක් වගේම විනාඩි 10කින් විතර මේ රතු ගතිය අඩු වෙලා යනවා.

මේ අයිස්කැට සත්කාරය දවසට විනාඩි 5 බැගින්  සතියට දවස් 4ක් කරාම ඇති.

කෘතිම ආලේපන මුකුත් නැතුව ලප, කැලැල් සුව කර ගන්න පුලුවන් ලේසි ක්‍රමයක් තමා මේක.බලන්න කොච්චර පහසුද ?කොච්චර ලේසිද? කිසිම අමතර වියදමක් යන්නෙත් නෑ.

ඔයත් නිකමට වගේ මේ අයිස් කැට සත්කාරය කරලා බලන්නකෝ.

-ඉමී-

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

සැර කොච්චි සම්බෝලයක් හදමු

මුහුද පීරා සෙව්වත් කිසිදා හමු​නොවූ දිය කිඳුරියෝ