in

සැර කොච්චි සම්බෝලයක් හදමු

කාලෙකට පස්සේ   හම්බුනා හොඳ  කොච්චි  මිරිස්  ටිකක්…කොච්චි දැක්ක ගමන් ඔයාලටත් මතක් වෙන්නේ හොඳ සැර කොච්චි සම්බෝලයක්  නේද?

ඔන්න මම ගෙදර ආපු හැටියේ කොච්චි සම්බෝලේ හදන්න ලෑස්ති උනා.

මුලින්ම කොච්චි ටික හොඳට හෝදලා නැටි ටික කපල පැත්තකින් තිබ්බා.. රතු ළූණු ගෙඩි ටිකක් සුද්ද කරලා සුදු ළූණු බීක් දෙක තුනක් සුද්ද කරලා ගත්ත..

දැන් හොද ලපටි පොල් ගෙඩියක් ගාලා පැත්තකින් තියා ගත්ත.. හරි…දැන් ඔක්කොම කළමනා ටික ලෑස්තියි.

වංගෙඩියක්  අරගෙන (මගේ ගාව තියෙන්නේ ටිකක් පොඩි වංගෙඩියක්, ඉතින් ඒකෙ දෙපාරකට තමයි මම සම්බෝලේ කොටා ගත්තේ)

ඔක්කොම කළමනා  ටික වංගෙඩියට දාල රස පදමට ලුණු කුඩු ටිකක්, කැලි  මිරිස් ටිකක්, උම්බලකඩ ටිකක් එහෙම වැඩිපුර දාල කොටා ගත්තා..අන්තිමට දෙහි ඇඹුල් ටිකක් දාල මිශ්‍ර කර ගත්තා..

ගොඩක් අය කොච්චි මිරිස් දාන්නේ කරල පිටින්.. එත් මම ටිකක් පොඩියට කපා  ගත්ත මොකද වංගෙඩිය පොඩි නිසා හරියට කෙටෙන්නේ නැති වෙයි  කියල හිතුන නිසා..

හරි…දැන් රසම රස කොච්චි සම්බෝලයක් ලෑස්තියි! සුදු හාලේ බතක් එක්ක කරවල කැල්ලක් තෙල් දා ගත්ත දඩිබිඩි ගාලා..

ඔයාලත් එනවද රසම රස, සුවඳම සුවඳ බත් ටිකක් කන්න?

පින්තුරේ නම් ඉන්ටනෙට් එකෙන් ගත්ත එකක්…මොකද මට කලබලේට ෆොටෝ එකක් ගන්න අමතක උනා!!

එහෙනම් තවත් රස කෑමක් එක්ක ආයේ හමුවෙමු.

ශේ

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

කතා මවන පොල් මිලට හේතුවක් මෙන්න

අයිස් කැට වලින් ලස්සන වෙන්න පුළුවන් ද?