in

කොරල්පර රැකගන්න CTB බස් මුහුදට..

කොරල්පර කියන්නේ 25% සමුද්‍රජීවීන්ට නිවහනක් වන අතර සාගර වාසස්ථාන ආරක්ෂා කරන පවුරක්. බහුතරයක් මිනිසුන්ගේ විවිධ ක්‍රියාකරකම් නිසා විනාශවන ස්වාභාවික කොරල්පර ආරක්ෂාකර ගැනීම බොහෝ ජාතීන් මුහුණ දෙන අභියෝගයක්. නමුත් ශ්‍රී ලංකාවේ වෙරළබඩ කොරල් පරිසරයට මෙම අභියෝගයට මුහුණ දෙන්න සිදුවෙලා නැහැ. එහි විශාල වශයෙන් මත්ස්‍ය හා කොරල් විශේෂ වාසය කරන අතර ධීවර හා කොරල්පර සංරක්ෂණය, ජාතික ආර්ථිකයේ මිල කළ නොහැකි අංගයක් මෙන්ම සමෘද්ධිමත් පරිසර පද්ධතියක් වෙනවා. ඒ වගේම ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය කිරීම දැන් ලොව පුරා ජාතික ප්‍රමුඛතා පරමාර්ථයක් බවට පත්ව තිබෙනවා.

ගැඹුරු මුහුදට ලෝහ ගිල්වීම නරක දෙයක් කියලා පෙනුනට ගැඹුරු මුහුදේ මත්ස්‍ය සංවර්ධන ව්‍යාපෘතිය විසින් දිරාපත් වන ලෝහ සාගර ජීවීන්ගේ යහපත සඳහා යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ පරණ බස් රථ භාවිතා කරමින් ත්‍රිකුණාමල මුහුදේ කුඩා මාළු හා කොරල් වාසස්ථාන පිහිටුවීම මගින් කොරල් පර 7 ක් නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ඩිපෝවල දිරාපත් වෙමින් පවතින බස්රථ සාගරයේ ගිල්ලවීම මගින් වර්තමාන ධීවර යටිතල පහසුකම් ඉහළ නැංවීමට ඔවුන් අපේක්ෂා කරනවා. ලංකා ධීවර වරාය සංස්ථාව (CFHC) විසින් මෙම innovative and ambitious ව්‍යාපෘතිය අධීක්ෂණය කෙරෙනවා.

ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ නව අමාත්‍යාංශවල මග පෙන්වීම සඳහා නිකුත් කරන ලද ගැසට් පත්‍රය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි. වෙරළබඩ ප්‍රදේශවල මත්ස්‍ය වාසස්ථාන බෝ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා බලධාරීන් විසින් නව හා විද්‍යාත්මක ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. කෘතිම ගල්පරවල වාසි සහ අවාසි මැන බැලීමේදී විශේෂඥයන් විසින් පෙන්වා දී තිබෙන්නේ පරණ බස්, ස්වාභාවික කොරල්පර සඳහා ආදේශකයක් විය නොහැකි බවයි.

විඛාදනය ඇතුළු පාරිසරික කරුණු පිළිබඳව අඛණ්ඩව තක්සේරු කරමින් ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2 ක පසු විපරමක් ඔවුන් යෝජනා කර තිබෙනවා. මිනිසා විසින් ගල්පර නිර්මාණය කිරීම සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම වගේම මෙමගින් සංචාරක ආකර්ෂණය ද ප්‍රවර්ධනය කරන්න හැකියාව තිබෙනවා. කොහොම වුණත් පොහොසත් ජෛව විවිධත්වයක් ඇති ජාතියක් වශයෙන්, සොබාදහමේ සම්පත් සංරක්ෂණය කිරීම මගින් අපි දියුණුවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

උපුටා ගැනීම-ගැස්ම වෙබ් පිටුවෙන්

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

ඔබත් හිතේ තරහා තියාගන නිදාගන්න කෙනෙක් ද ? එන්න එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

ඔයා, ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්නවද..?