ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට චීනය ද?
1 min read
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෑතකදී නිකුත් කරන ලද දත්ත පෙන්වා දෙන පරිදි, ඉන්දියාව මේ වසරේ මැද භාගය වන විට ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට ලෙස චීනය අභිබවා යාමට සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) 2023 සඳහා වන ලෝක ජනගහන වාර්තාවට අනුව, චීනයේ බිලියන 1.4257 ක් වන ජනගහනය ට සාපෙක්ශව ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4286 දක්වා ළඟා වනු ඇත. එනම්, ඉන්දියාව මිලියන 2.9ක ජනගහනයකින් ඉදිරියෙන් සිටී.
චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන දත්ත පිළිබඳ “අවිනිශ්චිතතාවය” හේතුවෙන්, මෙය නිසැකයෙන් ම සිදුවන නිශ්චිත දිනය තීරණය කළ නොහැකි බව එක්සත් ජාතීන්ගේ නිලධාරීන් පවසා ඇත. ඉන්දියාවේ අවසන් සංගණනය 2011 දී සිදු වූ අතර 2021 දී සැලසුම් කර තිබූ නවතම සංගණනය Covid-19 වසංගතය හේතුවෙන් ප්‍රමාද විය.