2023 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ‘සෝයා මාසය’ සැමරීම ඇරඹෙයි

1 min read

ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේ දී සෝයා බෝංචිවල ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස Right To Protein සංවිධානය සැමට ආරාධන කරයි.

ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික  වැඩසටහනක් වන ‘Right To Protein’ විසින් 2023 අප්‍රේල් මාසයේ දී ‘සෝයා මාසය’ සමරනු ලබන බව නිවේදනය කරයි.  තිරසාර ආහාර සංස්කෘතියක්  නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රෝටීන බහුල ආහාර වැඩි කිරීම සඳහා සෝයා බෝංචි ඉටු කරන කාර්යභාරය ඉස්මතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සෝයා, සෝයා මත පදනම් වූ ආහාර සහ කුකුළු මස් හා ඇක්වා වැනි සෝයා ප්‍රෝටීන පෝෂණය කරන සත්ව ප්‍රභවයන්ගේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම හරහා ඒ පිළිබඳ සාමාජීය අවබෝධය වැඩිකිරීමට එක් වන ලෙස  මෙම වැඩසටහන  සියලු ම පාර්ශවකරුවන්ට ආරාධනය කරයි.

ප්‍රෝටීන ඌනතාව වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් වන අතර, ආහාර සහ පෝෂණ සමීක්ෂණ වාර්තාවල ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇති පරිදි, වයස අවුරුදු පහට අඩු ශ්‍රී ලාංකික ළමුන්ගෙන් ආසන්න වශයෙන් 27% ක් ප්‍රෝටීන ඌනතාවෙන් පීඩා විඳින අතර, එමඟින් ඔවුන් තුළ වර්ධනය අවම වීම සහ ශරීරය අධික ලෙස ක්ෂය වීම වැනි සෞඛ්‍ය ගැටලු ඇති වේ.  මෙම ගැටලු සෝයා මත පදනම් වූ ආහාර ප්‍රභවයන් භාවිතයෙන් විසඳා ගත හැකිය.  ජනතාව තුළ ප්‍රෝටීන් තත්ත්වය වර්ධනය කිරීම හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා හොඳ ම විසඳුම වන්නේ ආහාර නවෝත්පාදනය සහ මේ පිළිබඳව ජනතාව තුළ ඇති අධ්‍යාපනික තත්ත්වය ප්‍රවර්ධනය කිරීමයි.

සෝයා බෝංචි යනු විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ සහිත, බහුකාර්ය මෙන් ම පෝෂ්‍ය පදාර්ථ බහුල රනිල කුලයට අයත් බෝගයකි. එමෙන් ම  සෝයා ආහාර යනු  අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නවය ම අඩංගු වන ශාක පදනම් වූ එක ම ප්‍රෝටීන ප්‍රභවය වන අතර, එය නිර්මාංශික පුද්ගලයින් සඳහා කදිම විකල්ප ආහාරයකි. සෝයා බෝංචි ආශ්‍රිත පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය දිරිමත් කිරීමේ පියවරක් වශයෙන් 2023 අප්‍රේල් මාසයේ දී ‘සෝයා මාසය’ සැමරීම, නේපාලයේ ගොවියන්ට වැඩි අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීම සඳහා ද උපකාරී වේ.  එමෙන් ම මෙම වැඩසටහන වඩාත් තිරසාර, සමබල සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පද්ධතියක් නිර්මාණය කිරීමට සහයෝගය දක්වයි.

ජනතාව පරිභෝජනය කරන මස්, කුකුළු මස් සහ මුහුදු ආහාර වැනි සත්ව මූලික ආහාර නිෂ්පාදනවල ප්‍රෝටීන අන්තර්ගතය වැඩි දියුණු කිරීම සඳහා සෝයා සත්ත්ව ආහාරයක් ලෙස ද භාවිත කරයි. එමෙන් ම මෙම වැඩසටහන සෝයා මත පදනම් වූ ආහාර ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියත්මක කරනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස ප්‍රෝටීන බහුල පශු සම්පත් නිෂ්පාදන හඳුනා ගැනීම සඳහා  පාරිභෝගිකයින්ට සහයෝගය ලබා දෙමින්, ඇසුරුම් කළ සත්ව ප්‍රෝටීන නිෂ්පාදන සඳහා ‘Soy-Fed Product’ ලේබලය භාවිත කිරීමට ප්‍රමුඛ පෙළේ කුකුළු නිෂ්පාදකයින් දිරිමත් කරයි.  සත්ව ආහාරවල ගුණාත්මක ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස සෝයා කර්මාන්තය පිළිගැනීමට ලක් කිරීමට ද මෙය සහයෝගය ලබා දෙයි.

ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතා සපුරාලීම සහ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සෝයාවලට හැකියාව ඇත.  නිදසුනක් වශයෙන්, සෝයා බෝංචි තෙල් වෙනත් බොහෝ එළවළු තෙල් නිෂ්පාදනවලට වඩා සෞඛ්‍ය සම්පන්න බව සැලකෙන අතර, සෝයා ආහාර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නවය ම සමඟ ශාක පදනම් වූ ගුණාත්මක ප්‍රෝටීන සැපයීම දැක්විය හැකිය.  සෝයා ආහාර සත්ව ප්‍රෝටීන ප්‍රභවයන් තුළ අඩංගු ප්‍රෝටීන අන්තර්ගතයන් වර්ධනය කරයි.  අප්‍රේල් මාසයේ සැමරෙන ‘සෝයා මාසය’ මගින් සියලු ම වයස් කාණ්ඩවල කාන්තා, පිරිමි සහ ළමුන් යන සෑම කෙනෙකුට ම සෝයාවලින් ඇති විවිධ ප්‍රයෝජන පිළිබඳව දැනුවත් කිරීම, ඒ පිළිබඳව ඇති මිථ්‍යා මත දුරු කිරීම සහ ආහාර වේලෙහි ප්‍රෝටීන මට්ටම වැඩි කරමින් පෝෂණය වැඩි දියුණු කිරීමේ හැකියාව වර්ධනය කිරීම වැනි අපේක්ෂා මුදුන්පමුණුවාගැනීම අරමුණු කරයි.  තිරසාර කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා සෝයාවල කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම සහ මෙම පෝෂ්‍යදායී ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම දිරිමත් කරමින් ගොවියන්ට සහ පාරිභෝගිකයින්ට ප්‍රයෝජනවත්  තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම ද මෙම සෝයා මාසයෙහි අරමුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.