in

රසවත් පීට්සා එකක් පහසුවෙන් ගෙදරදීම හදා ගමු

රසවත් පීට්සා එකක් පහසුවෙන් ගෙදරදීම හදා ගමු

ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නෙ ගෙදරදීම පීසා හදාගන්න පුලුවන් තවත් එක විදිහක් ගැන. ගොඩක්  දෙනා පීසා කන්න කැමති වුනාට හදන්න ගොඩක් අමාරුයි කියලා හිතන් ඉන්නෙ.

දැන් මේ කියලා දෙන්න යන ක්‍රමයට ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. ගොඩක් දෙනා පීසා රොටිය හදන්න දන්නේ නැති කම නිසා වැඩේ අතරලා දානවා. එත් අද ඔයාලට මේක බැලුවම හදන විදිහ ලේසි වෙයි. ඔයාලා මේ අමාරුයි කියන රොටිය හදන්නයි යන්නේ හරිම ලේසියෙන් .

පීසා හදන්න අවශ්‍යම දෙයක් තමයි පීසා සෝස් එක. එක් එක් විදිහේ පීසා සෝස් වෙළඳපොලෙන් හොයාගන්න පුළුවන්. මේ සෝස් එක නැතිනම් ඔයාලාට තක්කාලි සොසෝ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම අනෙක් අවශ්‍යම දෙයක් තමයි මොසරැල්ලා චීස්, මේවා නම් ඕනෑම වෙළඳසැලකින් ලබාගන්න පුලුවන් ඔයාලට.

පීසා වලට අවශ්‍ය අනෙක් දේවල් තමයි ටොපින්ග්ස්. ඒ කියන්නේ මේ පීසා එක රස කරගන්න මතුපිටින් එකතු කරන දේවල්. මේ සඳහා ඔයාලට ටොපින්ග්ස් වර්ග විදිහට කැමති අයුරින් මස් වර්ග, සොසේජස්, මුහුදු ආහාර වර්ග, හතු වර්ග, බෙල් පෙපර්, තක්කාලි, ලූනු වැනි ඔයාලා කැමති දෙයක් එකතු කරගන්නත් පුළුවන්.

තව දෙයක් කියන්න ඕනෙ, මේක හදනකොට කාලය වැඩියෙන් ඉතුරු කරගන්න, ටොපින්ග්ස් කපන්න කලින් යීස්ට් ටිකට ඕනෙ දේවල් ටික දාලා යීස්ට් මිශ්‍රණය හරි ගානට හැදෙනකන් තියන්න.

අවශ්‍ය දේවල්:

පීසා රොටිය හදාගන්න ඔයාලට ඕනෙ වෙන දේවල්,

ඇක්ටිව් යීස්ට් පැකට් 1 (7g)

සීනි තේ හැඳි 1

මඳ උණුසුම් වතුර කෝප්ප 1

පාන් පිටි කප් 2

ලුණු රස අනුව

දිය වුණු බටර් හෝ තෙල් මේස හැන්දක්

ටොපින්ග් එකට ඔයාලට ඕනෙ මේ දේවල්,

පීසා සෝස් කප් 1

කුඩාවට ඉරාගත් මොසරැල්ලා චීස් කප් 1 1/2 ක්

කුඩා කැබලි වලට කපා බැදගත් චිකන් 100 g

කුඩාවට කපාගත් බෙල් පෙපර්ස් කප් 1/2 ක්

තරමක් ලොකුවට කොටු කපාගත් ලූනු කප් 1/4 ක්

සාදාගන්නා ආකාරය:

මුලින්ම අපි පීසා රොටිය හදමු,

මුලින්ම තරමක් කුඩා වීදුරු භාජනයකට වතුර දමා, එයට සීනි සහ යීස්ට් පැකට්ටුව දමා විනාඩි 10ක් පැත්තකින් තියලා තියන්න.

විනාඩි 10කට පස්සෙ, ලොකු භාජනයක් ගෙන එයට පාන් පිටි, ලුණු, තෙල් සහ යීස්ට් මිශ්‍රණය දමාගන්න.

ඊට පස්සෙ පිටි බෝලයක් හදන විදිහට අත් වලින් ඒ පිටි මිශ්‍රණය හොඳින් අනාගන්න.

දැන් මේසයක් මතට පිටි ටිකක් දමා එය මතට පිටි බෝලය ගෙන ඔයාලගේ අත්වලින් හොඳින් පිටි බෝලය තව අනාගන්න ඕනෙ.

ඊට පස්සෙ අන්තිමට රෝලින් පින් එකක් හරි පිරිසිදු කරගත්ත වීදුරු බෝතලයක් පාවිච්චි කරලා හරි අර අනාගත්ත පිටි බෝලය රවුම් හැඩයක් ගන්න විදිහට තුනී කරගන්න.

අපි මේ පීසා එක අවන් එකට දාලා අන්තිමට බේක් කරගන්න ඕනනෙ. ඒ හින්දා දැන් අවන් එකට දාන්න පුලුවන් බේකින් තැටියක් ඇරගෙන ඒකෙ බටර් ටිකක් හොඳින් තවරාගෙන අර රෝල් කරගත්ත පීසා රොටිය ඒ මතට දාගන්න.

හරි දැන් අපි පීසා එක සරසා ගන්න යන්නෙ, ඒ කිව්වෙ පීසා රොටිය උඩින් දාන ටොපින්ග් එක හදාගන්න යන්නෙ.

දැන් අපේ අර බේකින් තැටියෙ තියෙද්දිම ඒ පීසා රොටිය වැහෙන්නම උඩින් අපි පීසා සෝස් තවරාගන්න ඕනෙ.

ඊට පස්සෙ ඒ පීසා සෝස් උඩින් මොසරැල්ලා චීස් අතුරාගන්න ඕනෙ.

දැන් ටොපින්ග්ස් ටික ඔයාලට කැමති ආකාරයෙන් පීසා රොටිය මත අතුරා අලංකාර කරගන්න. ඒ කිව්වෙ අර ගත්ත බැදගත් චිකන්, බෙල් පෙපර් වගේ දේවල් ටික.

හරි! දැන් අපි මේ පීසා එක බේක් කරගන්න ඕනෙ. උෂ්ණත්වය සෙල්සියස් 230ක් (ෆැරන්හයිඩ් 450 ක්) රත්වුන අවන් එකක අපි මේ පීසා එක විනාඩි 15ක් බේක් කරගන්න ඕනෙ දැන්. රන්වන් පැහැවන තෙක් බේක් කරගන්න ඕනෙ…

හරියට බේක් වුනාට පස්සෙ ඔයාලගේ කටට කෙළ උනනවා ආයෙ දෙකක් නෑ. පෙරේතකමට නෙමෙයි.. හී හී. ඒ තරම් මේක සුවදයි. උණු උණුවේම කෑමට ගන්නත් අමතක කරන්න එපා.

ඉමල්ෂි චතුරංගි

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

හවසට උනු උනු කෝපි කෝප්පයක් එක්ක කන්න උනු උනු රෝල්ස් ටිකක් හදමු

අපේ හඬ ජාත්‍යන්තරයට ඇහිලා