in

Coffee පෙරේතයන් වෙනුවෙන්ම දැන් Tito’s විවෘතයි

Marriott Bonvoy හි සන්නාම 30 කින් යුත් අද්විතීය එකතුවෙහි කොටසක් වන Courtyard by Marriott විසින් ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු හෝටලය බවට Courtyard By Marriott Colombo පත්විය. ඔවුන්ගේ සුවිශේෂී කෝපි අවන්හල වන Tito’s වෙත සියලුම තේ සහ කෝපි ලෝලීන් පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි.

මෙය වර්තමාන වේගවත් ජීවන රටාව තුළ නිදහසේ පැය කිහිපයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම පුද්ගලයෙකුට සුදුසුම ලෙස නිමවන ලද සුවපහසු ගෘහ භාණ්ඩ, මෘදු සංගීතය සහ ස්වභාවික ආලෝකයෙන් පිරි ස්ථානයකි. Tito’s සියලුම පාරිභෝගිකයින්ට අත්විඳිය හැකි අධිවේගී අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත වන අතර මෙය ඔබේ ප්‍රියතම පානයන් රස විඳිමින් මිතුරන් සමඟ සම්බන්ධ වීමට හැකි හොඳම ස්ථානයකි. මෙහිදී කාර්යබහුල වෘත්තිකයන්ට කොළඹ ඇති හොඳම කෝපි වර්ග කිහිපයක් රස විදිමින් රැකියාවේ ආතතියෙන් මිදී හොඳ විවේකයක් ගත හැකිය. ඕනෑම තැනක සිට වැඩකටයුතු සිදු කරන වෘත්තිකයන්ට මෙන්ම සහයෝගී ව්‍යාපෘති සහ සාකච්ඡාවල නියැලෙන්නන් සඳහා Tito’s හි උණුසුම් වාතාවරණය අමතක නොවන අත්දැකීමක් සපයනු ඇත. සිසුන්ට කේන්ද්‍රීය ස්ථානයක් ලෙස සහ විවේකී වාතාවරණයෙන් යුතුව මිතුරන් හමුවීමට, ඉගෙනුම් වැඩ කිරීමට, ඔවුන්ගේ ප්‍රියතම කෙටි ආහාර සහ බීම වර්ග රස විදීමට Tito’s පහසුකම් සළසා ඇත. Tito’s යනු කුමන අවස්ථාවක වුවත් විවේක ගැනීමට, සමාජගත වීමට සහ වැඩ කිරීමට සුදුසුම ස්ථානයකි. එමෙන්ම මිලදී ගැනීමට කැමති අය සඳහා සුවිශේෂී වෙළඳ භාණ්ඩ මාලාවක් ද මෙහි තිබේ.

ගෘහස්ථ සහ එළිමහන් ආසන සැපයීමේ හැකියාව සහිත මෙම හෝටලයේ පහළ මහලේ Tito’s පිහිටා ඇත. Tito’s සෑම දිනකම උදේ 7 සිට රාත්‍රී 10 දක්වා විවෘතව ඇත්තේ ඔබව ප්‍රබෝධමත් කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති නැවුම් ලෙස නිපදවන ලද කෝපි සහ තේවල ප්‍රසන්න සුවඳ ඔබ වෙත ගෙන එමිනිග මෙහිදී මිත්‍රශීලී බැරිස්ටාවන් රසවත් තේ, කෝපි සහ නැවුම් පානයන් සකසන අතරම, Tito’s හි සූපවේදී කණ්ඩායම නැවුම්ව සකසන ලද පාන්, රසවත් කේක් ආදියෙන් අමුත්තන්ට සංග්‍රහ කිරීමට නිරතුරුව කැප වී සිටියි.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

නැවත වන වගා ව්‍යාපෘතියක් වන DIMO විසින් ක්‍රියාත්මක කරන LIFE පිළිබඳ ඔබත් දැනුවත් වන්න

රට ඉදලා නම් එන්නේ..එන්න කලින් කියවන්න