in

හවසට උනු උනු කෝපි කෝප්පයක් එක්ක කන්න උනු උනු රෝල්ස් ටිකක් හදමු

ඔන්න ආයෙත් වැස්සක් පටන් අරන් නේද? ම්ම්ම්..හවසට උනු උනු කෝපි කෝප්පයක් එක්ක කන්න උනු උනු රෝල්ස් ටිකක් හදමුද? හැබැයි මේක හදන්නෙ පාන් වලින්, ඒ වගේම මේක ගැඹුරු තෙලේ බදින්නේ නැතුව බේක් කරන්නයි යන්නේ..හරි ලෙසියි.

ගෙදර තියෙන එලවලු හරි මස් මාංශ හරි යොදා ගෙන මේක හදන්න පුලුවන්. කැරට්, ලීක්ස්, ගෝවා, අල වගේ එලවලු ටිකක් හීනියට කපලා හෝ ග්‍රේට් කර ගන්න. මස්, මාලු, සැමන් හරි සොසේජස් වගේ දෙයක් හීනියට කපා ගන්න. දැන් මේ ඔක්කොම දාල මික්ස්චර් එක හදා ගන්න තෙල් චුට්ටක් එක් කරලා මද ගින්දරේ ලිපේ තියන්න. ලූනු, සුදු ලූනු, අමු මිරිස් ටිකක් හීනියට ලියලා එක් කර ගන්නත් පුලුවන්. රස පදමට ලුනු, මිරිස්, කෑලි මිරිස්, තුනපහ කුඩු එක් කර ගන්න.

මික්ස්චර් එක ලිපේ තියෙනකන්, සැන්ඩ්විච් පාන් පෙති කිහිපයක වාටිය කපා ගෙන පාන් වල මැද කොටස හොදින් තුනී කර ගන්න. රෝලින් පින් එකක් ආදාරයෙන් මෙය කල හැකියි.

ඊට පස්සේ බිත්තරයක් බීට් කර පසෙකින් තියා ගන්න. බිස්කට් කුඩු ටිකක් අරන් ඒකට මිරිස් කුඩු ටිකක් ම්ශ්‍ර කරගෙන පසෙකින් තියා ගන්න.

දැන් මික්ස්චර් එක ලිපෙන් බාගෙන කුඩා හැන්දකින් එය පාන් පෙත්තේ එක් කොනක තියලා පාන් පෙත්ත රෝල් කර ගන්න. පාන් පෙත්තේ අනෙක් කොනේ බ්‍රශ් එකක් හෝ හැන්දක් ආදාරයෙන් බිත්තර ටිකක් ගා ගන්න. එතකොට පාන් පෙත්තේ තියපු මික්ස්චර් එක හැලෙන්නෙ නැති වෙන විදිහට පාන් පෙත්ත සීල් වෙනවා. මෙහෙම ඔක්කොම පාන් පෙති වලට කරන්න. ඊට පස්සෙ, රෝල් කර ගත්ත පාන් ටික බිත්තර සාරු වල දවටලා, බිස්කට් කුඩු වල දවට ගන්න.

දැන් අවන් එක අන්ශක 200ට කරකවලා විනාඩි 5ක් විතර ප්‍රී හීට් වෙන්න දෙන්න. ඊට පස්සේ රෝල්ස් ටික බේකින් ට්‍රේ එකක තියලා එම උශ්නත්වයේම විනාඩි 15ක් බේක් කර ගන්න. දැන් රෝල්ස් ටික අනිත් පැත්ත හරවලා තව විනාඩි 15ක් බේක් කර ගන්න.

‍රෝල්ස් ටික බේක් වෙන අතර තුර තේ හෝ කෝපි කෝප්පයක් හදා ගන්න.

හරී දැන් කෑම ලෑස්තියි! දැන් ඉතින් වැස්ස දිහා බලාගෙන තේ එකක් හරි කෝපි එකක් හරි බිබී පාන් රෝල්ස් කන වෙලාව.

ආ කැමති නම් ඉතින් සෝස් ටිකක් එහෙම ගාගෙන කන්න හොදේ!

-ශේ-

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

හැමදාම කන පපඩම අද වෙනස් විදිහකට කමුද?

රසවත් පීට්සා එකක් පහසුවෙන් ගෙදරදීම හදා ගමු