in

කන්න හොර පොඩ්ඩන්ට සිම්පල් පාස්ටා

කොහොමද ඔයාලා ඔක්කොමල්ල හොදින් නේද?

ඔන්න මම අද නම් ආවෙ ලොකු පොඩ්ඩන්ට නෙවෙ, කන්න හොර අපෙ චුටි පොඩ්ඩන්ට රසම රස, සිම්පල් පාස්ටා ඩිශ් එකක් අරන්.

මේකට ඕනම පාස්ටා වර්ගයක් ගන්න පුලුවන්. නටන වතුරෙ පාස්ටා ටික හොදට තම්බ ගන්න. ටිකක් වඩිපුර තම්බ ගත්තත් කමක් නැහැ මොකද සමහර බබාලා කැමැතියි ලේසියෙන් හපලා කන්න පුලුවන් උනාම.

තක්කාලි ගෙඩි 5ක් විතර හොදට හෝදලා බ්ලෙන්ඩර් හෝ ග්‍රයින්ඩර් එකට දාන්න. ඒකටම ලූනු ගෙඩියක්, සුදු ලූනු බීක් 3ක්, ඉගුරු කැබැල්ලක් දාලා බ්ලෙන්ඩ් කර ගන්න. තක්කාලි වල වතුර ගතිය තියෙන නිසා මම වතුර එක් කරන්නේ නැහැ.

ඒ බ්ලෙන්ඩ් කර ගත්ත ටික බාජ්නෙක දාලා ලිපෙ තියන්න. මද ගින්දරෙ විනාඩි 10ක් විතර හොදට නටන්න දෙන්න. ගින්දර වැඩි කරන්න එපා එතකොට ඉක්මනින් හිදිල යයි. බබා මිරිස් කනව නම් මිරිස් කුඩු පොඩ්ඩක්, ලුනු ස්වල්පයක්, කැලි මිරිස් ටිකක් එක් කර ගන්න. චීස් ටිකක් ග්‍රෙට් කරලා දා ගන්න. මම ගොඩක් වෙලාවට යොදා ගන්නෙ Rich Life එකෙ ට්‍රයන්ගල් චීස් කැබැල්ලක් මොකද ඒවා ඉක්මනට දිය වෙන නිසා ග්‍රෙට් කරන්න ඕන නැහැ.

තක්කාලි මිශ්‍රණයට කලින් තම්බ ගත්ත පාස්ටා ටික එක් කර ගන්න. ඕන නම් මේකට මස් හෝ මාලු ටිකක්, එලවලු ටිකක් දා ගන්නත් පුලුවන්. මගෙ බබා වැඩිය දෙවල් කන්න ආස නැති නිසා මම නම් චීස් විතරයි දාන්නෙ.

විශේෂම දේ තමයි කිසිම සෝස් වර්ගයක්වත් රසකාරකයක් වත් යොද ගන්නෙ නැති එක. කඩෙන් ගන්න පාස්ටා තාම බබාට දෙන්න බයයි නම් ලේසියෙන්ම පාස්ටා ත් ගෙදරම හදා ගන්න පුලුවන්. එකෙ රෙසපි එකත් එක්කම ඉක්මනට හමුවෙමු.

සුභ දවසක්!

-ශේ-

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

වෙනස් රහක් හොයන අයට

හෙට දිනයේ ලොව දිනන්නට අද දිනයේ උපාධිධාරීයකු වූ ඔබ කියවිය යුතුම ලිපියක්