වෙනස් රහක් හොයන අයට

1 min read

වෙනස් රහක් හොයන අයට

ඉතින් හැමදාම එකම විදියට බත් කන් නැතුව බත් එකට පොඩි වෙනසක් කරමුද?

ගෙදරදීම හදාගන්න පුළුවන් වෙනස් බතක් ගැන තමා  මං  මේ කියන්න හදන්නේ. 

Short and Sweet විදියට කිව්වොත්,

මුලින්ම අපි කරන්නේ සම්බා/නාඩු හෝ බාස්ත්මති අවශ්‍ය පමණ අර ගෙන බත උයාගන්න ඕනේ . උයාගත් බතට මිරිස් කුඩු පොඩ්ඩක් දාලා හොදින් කලවම් කරලා ඒ බත  පොඩ්ඩක් පැත්තකින් තියන්න.

ඊට පස්සේ  වෙනම භාජනයකට තෙල් පොඩ්ඩක් දාලා  ලිපේ තියාගන්න.( ඔලිව් තෙල් /ගිතෙල් උනත් දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැ ).තෙල් රත් උනාට පස්සේ  කපා ගත්  කරපිංචා,රම්පෙ එකතු කරලා බැදෙන්නට හැරගන්න ඕන . ඊළගට තලා ගත් ඉගුරු සහ කපාගත් සුදු ළුණු  එකතු කරගන්න ඕන.මිශ්‍රණය රන්වන් පාට වෙද්දී හීනියට කපා ගත් කැරට් සහ රට ළුණු  හෝ රතු ළුණු  දමා බැදෙන්නට හරින්න. ඊට පස්සේ ලුණු ටිකකුත් දාලා හොඳට කලවම් කරගන්න ඕන. තව අමතරව කෑලි මිරිස් පොඩ්ඩක් එකතු කරලා, එයට බිතරයකුත් දාලා කලවම් කරගන්න.වෙජිටේරියන් නම් බිත්තර දන්නා බැනේ. එහෙම බිත්තර දැම්මේ නැ කියලා රස වෙනස් වෙන්නැ හොදද?

 ඔයාලට මතකද අපි කලින් බත් වලට මිරිස් කුඩු  දාලා   කලවම් කර ගත්තා . අන්න ඒ බත මේ  ම්ශ්‍රනයට දාලා ආයෙත් කලවම් කරගන්න ඕන . විනාඩියක් දෙකක් හොදින් ලිපේ තියලා  කලවම් කරාට  පස්සේ  සිනි ස්වල්පයක් එකතු කරන්න අමතක කරන්න නම් එපා . සිනි එකතු කරලා ආයෙත්  හොඳින් කලවම් කරලා ලිපෙන් බා ගන්න ඕන.

ඔන්න දැන් නම් බත් එක හදලා ඉවරයි. ම්ම්ම්ම්, මට නම් සුවඳ දැනෙනවා.

ඔය තියෙන්නේ මං දැන් හදපු බත් එකේ ඇත්තම Photo එක හොඳේ.

ඔයාලට කැමති නම් මේ බත් එක ලස්සන්න කරන්න මේකට සොසේජස් ,චීස් ,තක්කාලි වගේ දේවල් එකතු කරගන්න පුළුවන්.හැබැයි ඉතින් මගේ ලග තිබුනේ සලාද කොළ ටිකකුයි, තක්කාලි ගෙඩියකුයි විතරයි.මං  ඉතින් මේක මට පුළුවන් විදියට ලස්සන කරා.

මේකට ආයේ අමුතුවෙන්  වෑංජන හදාගන්න මහන්සි වෙන්න  ඕන නෑ . මේ  අඩුම කුඩුම ටික හොදටම ඇති.

ඔයාලත් හදල බලන්නකෝ කොහොමද රස කියලා .

-ඉමී-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.